ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙකත් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දී ඇත.
දැනට එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කොළම ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ චෝදනා ගොකු කර රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂ යන අය එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී ඇතැයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
පසුගිය 11 වනදා මෝසමක් ගොනු කරමින් මෙම වැඩිදුර වාර්තාව ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අනිද්දා (16) දක්වා කල් තබා ඇත.එදිනට රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදු වූ බව කියන අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු පදනම් කරගනිමින්, 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය යටතේ නාමල් රාජපක්ෂ මෙලෙස සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.
නාමල් රාජපක්ෂ යන අය සැකකරුවෙක් ලෙස නම් කිරිමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ළුී ඇති බව ණීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
AIR BUS
සිය සමාගමේ ගුවන් යානා මිල දී ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් දිගු කාලීන කොන්ත්‍රාත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එයාර් බස් සමාගම අතරමැදියන්ට විවිධ ක්‍රම ඔස්සේ අල්ලස් ලබා දී තිබුණු බවට චෝදනා එල්ල වී තිබුණේ 2013 මාර්තු 29 වන දින එයාර් බස් සමාගම A330 වර්ගයේ ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විකිණීම සහ තවත් A350 ගුවන් යානා 4ක් බදු දීම සඳහා අතරමැදියකු සමග ගිවිසුමක් අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව ය.
2013 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) විසින් එයාර්බස් A350 සහ A330 වර්ගයේ නව ගුවන් යානා 14ක් මිලදී ගැනීම සහ බදු පදනම මත ලබා ගැනීම සඳහා එයාර්බස් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමක් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි සියදිවි නසා ගත් කපිල චන්ද්‍රෙස්න ඔහු ගේ බිරිඳ ප්‍රියංකා නියොමාලි සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ ගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය සැකකරුවන් ලෙස මේ වනවිට නම් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
