දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් මාධ්‍ය වෙත අදහස් දැක්වීම මත නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ඔහුගේ මානව හිමිකම් කඩ කිරීමට වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් කටයුතු කිරිම මත ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙත පැමිණිල්ලක් සිදු කිරීමට අද දින රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයන් විසින් කටයුතු කරන ලදී.
එමෙන්ම දුම්රිය ගමනාගමන කටයුතු නිතර නිතරම ප්‍රමාදවීම, දුම්රිය අවලංගු කිරීම් සහ දුම්රිය කාර්මික දෝෂවලට නිසි පියවර නොගැනීම මත රාජ්‍ය සේවක සහ දුම්රිය භාවිතා කරන මහජනතාව ගේ මානව හිමිකම් කඩ කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා කටයුතු කිරීම මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අද දින වෘත්තීය සමිති මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
