හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ යන අය අක්කර 135 කින් යුත් තේ වත්තක් මුස්ලිම් පුද්ගලයින් තුන්දෙනෙක් යොදවා අයිතිකර ගැනීම සම්බන්ධයෙන් අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
2026.08.20 වන දින අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නමින් වූ ලිපි ශීර්ෂනයක් මගින් අධ්‍යක්ෂ අපරාධයකින් උත්පාදිත දේ දේ පිළිබද විමර්ශන කොට්ඨාසය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
එම පැමිණිල්ල ප්‍රකාරව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ඊට අදාළ ඇති සියලුම තොරතුරුවලට අදාලව ලේඛන ගත සාක්ෂි සමගින් ප්‍රකාශයක් සටහන් කිරීමට පැමිණෙන ලෙස අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර වෙන එම කොට්ඨාසයේ විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපතිවරයා ලිඛිතව දැනුම් දී ඇත.
ඒ අනුව ඔහු අද (14) එසේ ප්‍රකාශයක් ලබාදී අදාළ ලේඛණ බාර දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
