Image

ලබන වසර සදහා රජය ඉදිරිපත් කීරිමට නියමිත 2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට

ලබන වසර සදහා රජය ඉදිරිපත් කීරිමට නියමිත 2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට

ලබන වසර සදහා රජය ඉදිරිපත් කීරිමට නියමිත 2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා අද 14) ඉදිරිපත් කර ඇත.

ඉතිහාසයේ ඉහළම ප්‍රාග්ධන වියදම මින් වෙන් කැර ඇතැයි මුදල් හා ක්‍රමසම්පදන අමාත්‍යංශය උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ ය.

මුදල් අමාත්‍යාංශයේ සැලසුම්වලට අනුව, එක් එක් අමාත්‍යාංශවල වියදම් ඇස්තමේන්තු ඇතුළත් 2027 විසර්ජන පනත් (අයවැය) කෙටුම්පත අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට අද (14) ඉදිරිපත් කර ඇත.

මෙවර අයවැයෙන් ඩිජිටල්කරණයට, යටිතල පහසුකම් සංවර්ධනය, වෘත්තීය අධ්‍යාපනය නංවාලීම, අපනයන හා කර්මාන්ත ක්ෂේත්‍ර දියුණු කිරීම, සහ රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනිමට ඉහළ ප්‍රාග්ධන වියදම් ප්‍රමාණයක් වෙන් කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. රටේ ඉතිහාසයේ ඉහළම ප්‍රාග්ධන වියදම ලෙස රුපියල් ට්‍රිලියන 1.7 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් පමණ) පොදු ආයෝජන සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇත. එමගින් විදේශීය සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, යටිතල පහසුකම් සංවර්ධනය, අපනයනකරුවන් දිරිගැන්වීම සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය නංවාලීම අපේක්ෂා කෙරේ.

වසර 2026 දි පැවති 5.6% ක් වූ අයවැය හිඟය 2027 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% දක්වා අඩු කිරීම රජයේ ප්‍රධාන මූල්‍ය ඉලක්කයකි. රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.5% ක මට්ටමක පවත්වා ගැනීමටත්, ප්‍රාථමික ගිණුමේ 2.6% ක අතිරික්තයක් අත්කර ගැනීමටත් සැලසුම් කර ඇත. එමෙන්ම, මූලික වියදම් සීමාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.9% කට (රුපියල් ට්‍රිලියන 5.1 කට) සීමා කිරීමට නියමිතය.

2027 විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 18 නියමිත අතර, පාර්ලිමේන්තුවේදී අයවැය පළමු වර කියවීම ඔක්තෝබර් 07 වැනිදා සිදු කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය කතාව (දෙවන වර කියවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 12 සිදු කිරීමට නියමිත ය. අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම නොවැම්බර් 13 – 20 පැවැත්වේ.නොවැම්බර් 21 – දෙසැම්බර් 14 දක්වා කාරක සභා අවස්ථා විවාද (තෙවන වර කියවීම) සහ සංශෝධන සිදු කර සම්මත කිරීමට නියමිතය.

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න