රාජ්‍ය සම්මානලාභී ලේඛක රත්නායක තිලකරත්න ලියූ 'වැටෙත් සුරන් ගිරග මතින්' නවකතාව පිළිබඳ සාකච්ඡාවක් 2026 සැප්තැම්බර් 21වන දා පස්වරු 3ට බොරැල්ල සමුද්‍ර පොත් මැදුරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහි දෙසුම් පවත්වනු ලබන්නේ සමමානිත මහාචාර්ය සරත් විජේසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගනුෂ්ක රන්දුල සහ විචාරක ජයසිරි අලවත්ත විසිනි. සභාව මෙහෙයවනු ලබන්නේ මලීෂ අමරකෝන් විසිනි.
SWAN BOOKS ප්‍රකාශනයක් වන වැටෙත් සුරන් ගිරග මතින් නවකතාව ලංකාවේ දශක පහක පමණ කාලවකවානුවක සිදු වූ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පෙරළිය පදනම් කරගනිමින් ලියැවුණු අපූර්ව නවකතාවකි. මේ සාකච්ඡාවට සහභාගී වන ලෙස කතුවරයා සහ ප්‍රකාශන ආයතනය ඔබ සැමට ඇරයුම් කරති…!


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
