ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ දී සිදුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද වරෙන්තුවක් නිකුත් කළේ ය.
ඔවුන් වෙනුවෙන් ඇප තැබූ ඇපකරුවන් ට නොතිසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ඇප මුදල් රාජසන්තක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන 30 කැඳවන ලෙස නියෝග කළේ ය.
ඔවුන් තැබූ ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු අවසන් වශයෙන් අද කරුණු දැක්වීමට නියමිතව තිබූ අතර අරවින්ද ද සිල්වා මහතා ගේ මෑණියන් අභාවප්‍රාප්ත වී අද අවසන් කටයුතු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
