Image

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් අරඹයි

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් අරඹයි

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (16) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මන්නාරම ප්‍රදේශයේ ජනතාව වෙත සැපයෙන සෞඛ්‍ය සේවා සහ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය රජයේ ප්‍රදාන මගින්, රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකිරීමට නියමිත මෙම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සියලු නවීන පහසුකම්වලින් සමන්විත ය.

මන්නාරම ජනතාවට කොළඹ ඇතුළු ප්‍රධාන නගර කරා ගමන් කිරීමකින් තොරව හදිසි අනතුරු ප්‍රතිකාර සහ අනෙකුත් විශේෂඥ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන අතර, මෙම ව්‍යාපෘතිය මෙරට නිදහස් සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය මට්ටමින් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස අගයමින්, ඊට දායකත්වය ලබා දුන් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එම රජයටත්, අනෙකුත් සියලු පාර්ශ්ව වෙතත් ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේ ය.

anurakumarawi2

WhatsApp Image 2026 09 16 at 2.52PM

WhatsApp Image 2026 09 16 at 2.52.29 PM

WhatsApp Image 2026 09 16 at 2.52.28 PM

WhatsApp Image 2026 09 16 at 2.52.27 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න