ශරීර දේශපාලන හා මතක අතුරුදන් නොවූ අතුරුදන් ආදරණීයයන් වෙනුවෙන්...
අතුරුදන්වූ ආදරණීයයන්ගේ මතක යළි අවදි කරමින්, ඔවුන්ගේ වේදනාව සහ සත්‍යය කලා තුළින් සමාජය හමුවට ගෙන එන විශේෂ කලා ප්‍රදර්ශනයක් සැප්තැම්බර් 21 සවස 4 සිට 22 සහ 23 යන දිනවල JDA පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ.
අතුරුදන්වූ පවුල් එකතුව විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ කලාකරුවන්ගේ නිර්මාණ එක්වෙයි.
වසර ගණනාවක් පුරා පිළිතුරක් බලා සිටින පවුල්වල මතක, බලාපොරොත්තු සහ වේදනාව කලාත්මක ප්‍රකාශනයක් බවට පත් කරමින්, බලහත්කාරී අතුරුදන් කරවීම්වලට එරෙහි විකල්පීය හඬක් ලෙස මෙම ප්‍රදර්ශනය ඉදිරිපත් කරයි.
මතකය මැකී යන්නේ නැත; අතුරුදහන් කළ මිනිසුන්ගේ හඬ නිහඬ වන්නේ නැත.
ඔබ සැමට විවෘත ආරාධනා…!
වීඩියෝව නරඹන්න මෙතනින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
