Image

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අරඹයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අරඹයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ඊයෙ (16) ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවා ලබා දීමේ අරමුණින් සියලු පහසුකම්වලින් සමන්විතව මහල් 08කින් යුතුව ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 2,403කි.

නැගෙනහිර පළාතේ සෞඛ්‍ය සේවාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම උදෙසා ලබා දුන් මිත්‍රශීලී සහාය වෙනුවෙන් ජපාන රජයට සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයටද (JICA), මෙම ව්‍යාපෘතිය සඳහා කැප වී කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු පාර්ශ්ව වෙත ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේ ය.

WhatsApp Image 2026 09 17 at 4.40.18 AM

WhatsApp Image 2026 09 17 at 4.40.14

WhatsApp Image 2026 09 17 at 4.40.16 AM

WhatsApp Image 2026 09 17 at 4.40.09 AM

WhatsApp Image 2026 09 17 at 4.40.04 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න