Image

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ නව සිව්මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අරඹයි!

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ නව සිව්මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අරඹයි!

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ නව සිව්මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ඊයේ (16) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ ආරම්භ කළේ ය.

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ දැනට පවතින රෝගී තදබදය අවම කිරීම වෙනුවෙන් ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් මිලියන 600කි. බෝ නොවන රෝග (NCD) හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ සිදුවන මරණ අවම කිරීමට සහ වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයින් බෝ නොවන රෝග පිළිබඳ පරීක්ෂාවට ලක් කිරීමේ වේගය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ද මෙම නව වාට්ටු සංකීර්ණය උපයෝගී වනු ඇත.

මෙම ව්‍යාපෘතිය මුලතිව් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලිය බෙහෙවින් ශක්තිමත් කරන පියවරක් ලෙස අගයමින්, ඒ වෙනුවෙන් දායකත්වය ලබා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එම රජයටත්, ඉන්දීය ජනතාවටත් ජනාධිපතිවරයා සිය හෘදයාංගම ස්තූතිය පළ කළේ ය; එසේම, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැප වූ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු පාර්ශ්ව වෙත ද ජනාධිපතිවරයා සිය කෘතවේදීත්වය පළ කළේ ය.

 

WhatsApp Image 2026 09 17 at 4.49.27 AM

WhatsApp Image 2026 09 17 at 4.49.15 AM

WhatsApp Image 2026 09 17 at 4.49.28 AM

WhatsApp Image 2026 09 17 at 4.AM

(ජනාධිපති මාධ්‍ය අංශය)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න