Image

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අරඹයි!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අරඹයි!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) ආරම්භ කළේ ය.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 3,545ක වියදමින් මහල් 08කින් සමන්විතව ඉදිකෙරෙන මෙම හෘද ප්‍රතිකාර සංකීර්ණය සියලු නවීන පහසුකම්වලින් සමන්විත වනු ඇති අතර, මේ සඳහා ලබා දුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ජපාන රජය වෙතත්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙතත් ජනාධිපතිවරයා සිය කෘතවේදීත්වය පළ කළේ ය.

මෙරට සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබා දීම වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ජනතාවට සමීප කිරීම, ලෝකයේ දියුණුතම උපකරණ සහ වෛද්‍ය ක්‍රම මෙරටට හඳුන්වාදීම සහ විධිමත් කළමනාකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 03 යටතේ රජය කටයුතු කරමින් සිටින බව මෙහි දී ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

එසේම, රට තුළ සැලකිය යුතු කාලයකට පසුව සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කර තිබෙන බවත්, අනුරාධපුර රෝහල සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 19,000ක පමණ ව්‍යාපෘති 2027 සහ 2028 වසරවල දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් කරමින්, මේ වන විට ක්‍රියාත්මක වන ව්‍යාපෘති ද සමග රුපියල් මිලියන 34,000කට වැඩි ව්‍යාපෘති ප්‍රමාණයක් අනුරාධපුර රෝහල සංවර්ධනයට පමණක් ක්‍රියාත්මක කෙරෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

පසුගිය කාලයේ ආරම්භ කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නිශ්චිත කාලය තුළ අවසන් නොකිරීම හේතුවෙන් රටට සහ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙන බව පෙන්වා දෙමින්, නව හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයේ ඉදිකිරීම් මාස 18කින් සාර්ථකව නිමා කර ජනතාවට ලබා දීමට අදාළ පාර්ශ්ව කටයුතු කරනු ඇති බවට විශ්වාසය පළ කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

WhatsApp Image 2026 09 17 at 5.00.30 AM

WhatsApp Image 2026 09 17 at 5.00.27 AM

WhatsApp Image 2026 09 17 at 5.00 AM

WhatsApp Image 2026 09 17

WhatsApp Image 2026 09 17 at 5.00.29 AM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න