යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේඛීය අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන අය ගේ ප්‍රධානත්වයෙන් හෙට (18) පස්වරුවේ කන්කසන්තුර පාර, තිවියාමහල් (Thiviya mahal) හි දී සිදුකරයි.
මෙම පත්වීම් ප්‍රදානයේ දී රේඛීය අමාත්‍යාංශය යටතේ බඳවා ගත් සෞඛ්‍ය කාර්ය සහායක 45 දෙනකු යාපනය ශික්ෂණ රෝහල වෙත ද, 5දෙනකු යාපනය හෙද විදුහල වෙත ද අනුයුක්ත කිරීමට නියමිත අතර පළාත් සභාව යටතේ බඳවාගත් 300දෙනකු උතුරු පළාතේ අනෙකුත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත ද අනුයුක්ත කිරීමට නියමිතය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාත්, රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහාත් වර්තමාන රජය පළාත් සභා ද සමග ඒකාබද්ධව සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ, දීර්ඝ කාලයකට පසු සෞඛ්‍ය කාර්ය සහායක (SKS) ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගනිමින් මීට ප්‍රථම බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ අනෙකුත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා සෞඛ්‍ය කාර්ය සහායකයින් 1860 සඳහා මේ වනවිටත් පත්වීම් ප්‍රදානය කර ඇත.
මෑතක දී පැවැත්වූ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ (Structured Interviews) ඉතා සාර්ථක ලෙස නිම කර ඇති සහ කුසලතා මත තේරී පත් වූ අපේක්ෂකයින් හට මෙම පත්වීම් ලිපි ප්‍රදානය කරන අතර මෙම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, මයිල්වාගනම් ජෙගදීස්වරන්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් සහ නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතය.
මාධ්‍ය අංශය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
