Image

රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්

රේණුක පෙරේරා ලබන 29 දක්වා රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (17) නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිස විසින් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව ය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා නීතිවිරෝධී ලෙස මගී සේවා බලපත්‍ර 56ක් නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මෙලෙස අත්අඩංගුට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ දුෂණය නමැති චෝදනව යටතේ සැකකරු ගේ අත්අඩංගුවට ගත් බවයි. අමාත්‍ය මණ්ඩලයේ තිරණයට පරිබාහිරව වාර්ෂිකව ලබාදෙන මගී ප්‍රවාහන බලපත්‍ර 56 ක් නිකුත් කිරිමේ දී 30ක් ඔහුගේ කමිටුවට අදාළ ව ද අනෙක් ප්‍රවාහන බලපත්‍ර 26 සැකකරු තමා ගේ හිතුමනාප පරිදි ලබා දී ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න