අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලය විසින් 82 වැනි වරටත් සංවිධානය කිරීමට සැලසුම් කර තිබූ වාර්ෂික මහා පෙරහැර මංගල්‍යය පැවැත්වීම සඳහා අවසර ලබා නොදීමට අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව මෝදර දේවාල පෙරහැර කමිටුව අද (17) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ ය.
පෙරහැර පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු රාජ්‍ය ආයතනවලින් අවසර ලබාගෙන ඇති පසුබිමක, ඒ සඳහා අවසර ලබා නොදෙන බව අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලිපියක් මාර්ගයෙන් පෙරහැර සංවිධාන කමිටුව වෙත දැනුම් දී ඇති බව පෙත්සමේ සඳහන් වේ. එම තීරණය ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් සහ එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන් වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත. ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා වෙත අදාළ නියෝග නිකුත් කරන ලෙස පෙත්සමෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
නීතික පාර්ට්නර්ස් නීතිඥවරුන්ගේ උපදෙස් මත මෝදර දේවාල පෙරහැර කමිටුව CA/WRIT/712/26 අංකය යටතේ මෙම පෙත්සම ගොනු කර ඇති අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ඉශාන් අලවතුරගේ පෙනී සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
