වරලත් ප්‍රවාහන හා සැපයුම් ආයතනයේ (CILT) 2026 ජාත්‍යන්තර සමුළුව "ඩිජිටල් පරිවර්තනය - මිනිසා, කෘතිම බුද්ධිය සහ ගෝලීය ගමනාගමනයේ අනාගතය" යන තේමාව යටතේ අද (17) කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ දී පැවැත්විණි.
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ප්‍රධාන ආරාධිතයා ලෙස ද, CILT ජාත්‍යන්තර සභාපති ජෑන් ස්ටීන්බර්ග් ඇතුළු දෙස් විදෙස් විශේෂඥයෝ රැසක් ඊට සහභාගී වූහ.
මෙම සමුළුවේ පිළිගැනීමේ දේශනය CILT ශ්‍රී ලංකා සභාපති මහාචාර්ය එච්. ආර්. පසිඳු විසින් සිදු කළ අතර ප්‍රධාන දේශනය වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු විසින් සිදු කළේ ය.
මෙම සමුළුවේ අරමුණ ODEL PLC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ටෙරී ඕ'කොනර් විසින් සිදු කරන ලදී.
ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රය භෞතික මෙහෙයුම්වල සිට කෘතිම බුද්ධිය (AI) මගින් මෙහෙයවනු ලබන තොරතුරු පද්ධති කරා පරිවර්තනය වීම සහ එහි දී මානව නියාමනයේ වැදගත්කම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ විය.
දත්ත ඒකාබද්ධතාවය, වෘත්තීය නිපුණතා වර්ධනය, Link සඟරාව එළිදැක්වීම සහ NextGen සම්මාන ප්‍රදානය කිරීම වැඩසටහනේ ප්‍රධාන අංග ලෙස ක්‍රියාත්මක විය. ප්‍රවාහන පද්ධති තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයේදී පැනනගින නීතිමය සහ නියාමන රාමුව පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක්ද මෙම සමුළුවේ දී පැවැත්වේ.
- https://we.tl/t-vCJug1n1JhZHLhG7
මාධ්‍ය අංශය - වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
