අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම පිළිබඳ නියෝගය මේ මස 30 වන දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේ ය.
අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අදාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
