Image

බෙනා ගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘අත්තන මලට වඩා රත්නේ කෙට්ටු වෙලා’ නිකුත් වෙයි!

බෙනා ගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘අත්තන මලට වඩා රත්නේ කෙට්ටු වෙලා’ නිකුත් වෙයි!

පොදුජන කවියෙකු ලෙස ප්‍රකට නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් (බෙනා) විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය වන‘අත්තන මලට වඩා රත්නේ කෙට්ටු වෙලා’කෘතිය දැන් නිකුත් වී තිබේ.

ඔහු විසින් මීට පෙරද ‘මයෙ අම්මෙ යමු යන්ඩ’, ‘හිඟමන් යැදීම තහනං’, ‘තෙල් නැතුව ඇවිළෙන්ඩ’, ‘බුදුපිළිම යට නාග බිත්තර’, ‘මල්ලිකා - මිනිය ගන්නව තුන හමාරට’.. වැනි ජනප්‍රිය කාව්‍ය කෘති රැසක් පාඨකයාට දායාද කරනු ලැබීය.

මෙම නවතම කෘතියේ සීමිත පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බැවින්, ඔබේ පිටපත ඉක්මනින් වෙන් කරවා ගන්නා ලෙස කතුවරයා ඉල්ලා සිටියි.

811830322 2586571761784785 197061415256215875 n

මතු දැක්වෙන්නේ සිය නවතම කාව්‍ය කෘතිය ‘අත්තන මලට වඩා රත්නේ කෙට්ටු වෙලා’ පිළිබඳව ධර්මසිරි බෙනඩික් මුහුණු පොතේ තැබූ සටහනයි.

(උපුටා ගැනීම)

 

අනුර සහෝදරය මේසෙට තට්ටු කරා විතරයි හාල් ගනන් ගියා. ඒක රජරට අපිට දරාගන්ඩ බෑ.......!

අපේ ජෙහාන් අප්පුහාමි කුරුසෙ කරගහල ගෙජ්ජි බැන්ද විතරයි ගෙජ්ජි ගනන් ගියා.ඒක වන්නියෙ අපිට දරාගන්ඩ බෑ......!!

රත්න ශ්‍රී දේශපාලනේට කොටුවුනා විතරයි එයා කෙට්ටු වෙලා සරස්වතී මහත් වුනා.ඒක ඩොටේ අපිට දරාගන්ඩ බෑ.......!!!

මං දැකපු හැම එකෙක්ම අවසානෙට මැරුනෙ කෙට්ටුවෙලා.දේසපාලන වශයෙන්,ආර්ථික වශයෙන්,සාමාජීය වශයෙන් ඒ හැම කෙනෙක්ම පෙට්ටියෙදි කෙට්ටු වුනා.මල්වඩම් විතරක් මහතට තිබුන .

මං මැරෙන්ඩ කලින් කෙට්ටුවට ඉඳල මහතට මැරුනු දෙන්නෙක් දැකගන්නට පුලුවන් වීම මට ලැබුනු භාග්‍යයයක් . එක්කෙනෙක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා.අනිත් කෙනා විශාරද නන්දා මාලිනිය.ඒ මරණ දෙක පුදුම විදියට මාරයා ඉකිබින්ද මලමිණී දෙකක්. තව කළේබර තියෙනව මට මතක නෑ.

අත්තන මලට වඩා

රත්නේ කෙට්ටු වෙලා........!

මේ මගෙ අළුතින් එන කවි පොත. ඒක කී වෙනි පොතද කියල මට මතක නෑ.

අතේ සල්ලි නෑ නේද ? එහෙනම් පොතක් ලියපං කියල ලක්ෂ්මී කිව්ව. සරස්වතී කාබන් පෑන් දෙකක් ගෙනත් දුන්න. පුල්ලෙයාර් එයාගෙ හොඬෙන් මොලේ පිරිසිදු කරල දුන්න. හනුමාන් සිගරැට් පත්තුකර ගන්ඩ පන්දම දුන්න. මං ඉතින් ලිව්ව.

පොත් දෙතුන් සීයක් ඇති.එක කවියක් කියවල හොඳනම් ගන්ඩ.මේව දේව සභාවෙන් අනුමත වෙලා සම්මාන මණ්ඩලෙන් විසිකරන කවි.....!

වන්නියෙ වතුර හරෝපු අපිට කකුළුවන්ට රබර් බෑන්ඩ් දාල කෙලින් යන්ඩ උගන්නන එක ඒ හැටි දෙයක් නෙමෙයි. ෆැන්ටසියෙන් ඔබව මහපොළවට ගේන්ඩ උත්සාහ දරපු කවි පොතක් විදිහට මේකත් ඔය කොහෙ හරි මුල්ලක තියෙයි.

මේ කවි අදට නොව ඔබේ හෙට දවසටයි..........!

ඔබට ස්තුතියි ....!!!

--------------------------------------------------------

සීමිත පිටපත් ප්‍රමානයක් මුද්‍රනය කර ඇති හෙයින් ඔබගේ වෙන්කරවා ගැනීම් සඳහා

077 555 4365

ගමගේ හෙල්ප් සර්විස්

අමිල චින්තක ගමගේ අමතන්න.

-----------------------------------------------------

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

(උපුටා ගැනීම අවසන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න