Image

නාමල් හා එයාබස් සමාගම අතර ඊමේල් හුවමාරුවක් නෑ.. එකම සාක්කිය නිමල් පෙරේරා

නාමල් හා එයාබස් සමාගම අතර ඊමේල් හුවමාරුවක් නෑ.. එකම සාක්කිය නිමල් පෙරේරා

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ අදාළ ගුවන් සමාගම අතර කිසිදු ඊමේල් පණිවිඩ හුවමාරුවක් සිදුව නොමැති බවත්, අධිකරණයට ඉදිරිපත් වූ කිසිදු ඊමේල් පණිවිඩයක ඔහුගේ නම හෝ සඳහන්ව නොමැති බවත් නීතිඥ මනෝජ් ගමගේ  පවසයි.

අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව විසින් අධිකරණයේ සිදුවූ කරුණු විකෘති කරමින් සමාජගත කිරීමට උත්සාහ දරන බවයි.

පසුගිය දිනවල කතාබහට ලක්වූ ඊමේල් පණිවිඩ හුවමාරු වී ඇත්තේ අදාළ සමාගමේ අභ්‍යන්තර නිලධාරීන් කිහිපදෙනෙකු අතර පමණක් බවත්, නාමල් රාජපක්ෂගේ මැදිහත්වීමක් හෝ අල්ලස් ලබාගැනීමක් පිළිබඳව එහි කිසිදු සඳහනක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

එමෙන්ම, ෂමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට මුදල් බැරවූ බවට පළවන වාර්තාද පූර්ණ අසත්‍යයක් බව නීතිඥවරයා කියා සිටියේය.

මෙම නඩුවට අදාළව මේ වන තෙක් යොදාගෙන ඇති එකම සාක්ෂිය වන්නේ නිමල් පෙරේරා නමැති අය රජයට ලබාදුන් ප්‍රකාශය පමණක් බව සඳහන් කළ ඔහු, සාක්ෂි ආඥාපනතට අනුව අපරාධයක අපසහායකයෙකුගේ ප්‍රකාශයක් මත පමණක් පුද්ගලයෙකු වරදකරුවෙකු කළ නොහැකි බව නීතිය දන්නා ඕනෑම අයෙකු පිළිගන්නා කරුණක් බව පෙන්වා දුන්නේය.

නාමල් රාජපක්ෂ  දේශපාලනික වශයෙන් මර්දනය කිරීමේ අරමුණින් පොදු දේපළ පනත අවභාවිත කරමින් ඔහුව සිරගත කිරීමට රජය උත්සාහ කරන බවට චෝදනා කළ නීතිඥ මනෝජ් ගමගේ, නාමල් රාජපක්ෂ  සිරගත කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ජනතා නැගිටීම කිසිසේත්ම පාලනය කළ නොහැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න