අදියර දෙක යටතේ දිස්ත්‍රික්ක 07 ක් සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල , මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර සහ කළුතරයි.
මෙම නිවේදනය අද (21) පස්වරු 4.00 සිට හෙට (22) පස්වරු 4.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව,
ගාල්ල දිස්ත්‍රික්කය - නෙලුව
කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය - පස්බාගේ කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය - දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර
රත්නපුර දිස්ත්‍රික්කය - රත්නපුර
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
කොළඹ දිස්ත්‍රික්කය - පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය - තවලම, නාගොඩ
කළුතර දිස්ත්‍රික්කය - අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය
මහනුවර දිස්ත්‍රික්කය -උඩපලාත, ගඟ ඉහල කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය - බුලත්කොහුපිටිය, කෑගල්ල, වරකාපොළ, ගලිගමුව, රුවන්වැල්ල
මාතර දිස්ත්‍රික්කය - අතුරලිය, කොටපොළ, අකුරැස්ස, පිටබැද්දර
නුවරඑළිය දිස්ත්‍රික්කය - තලවකැලේ
රත්නපුර දිස්ත්‍රික්කය - පැල්මඩුල්ල, අයගම, කුරුවිට, නිවිතිගල, කලවාන, ඇලපාත යන ප්‍රදේශ සඳහා ද නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
කොළඹ දිස්ත්‍රික්කය- සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කය - නියාගම, බද්දේගම
කෑගල්ල දිස්ත්‍රික්කය - රඹුක්කන
ගම්පහ දිස්ත්‍රික්කය - මීරිගම, අත්තනගල්ල
මහනුවර දිස්ත්‍රික්කය - පාතදුම්බර, යටිනුවර, දොළුව, උඩුනුවර
කුරුණෑගල දිස්ත්‍රික්කය - අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර දිස්ත්‍රික්කය - පස්ගොඩ
රත්නපුර දිස්ත්‍රික්කය- ඇහැලියගොඩ, කහවත්ත, කොළොන්න, ඉඹුල්පේ යන ප්‍රදේශ සඳහා ද නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
