Image

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා පත් කරනු ලැබ ඇත.

අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය  24වැනිදා දක්වා විදේශගත වන බැවින් එම ධුරයේ වැඩබැලීමට අදාළව මෙම පත්වීම සිදු කර තිබේ.

එ් අනුව, මායාදුන්න කොරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක  ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න