සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන් ගේ දෙමාපියන් අද (21) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවිය.
සිවරාසා අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි සහ සහෝදරයා වූ සිවරාසා හම්සිදන් ඇතුළු පවුලේ ඥාතින් එම පිරිසට අයත් වුණා. ඔවුන් සමග සිදු කළ සාකච්ඡාව අතරතුර සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන අමීර් අජ්වාඩ් දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් සජිත් ප්‍රේමදාස අනෝජන් ගේ නිදහස සම්බන්ධයෙන් රටක් ලෙස අපට ගතහැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ජා කළේය.
ඊට අමතරව දැනට සෞදි බන්ධනාගාරයේ සිටින සිවරාසා අනෝජන් ට ද දුරකතනය ඔස්සේ කතා කර ගනිමින් ඔහුගේ තත්ත්වය සොයා බැලූ සජිත් ප්‍රේමදාස ඉන් අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සම්බන්ධ කරගනිමින්, අදාළ නීතිමය තත්ත්වය සහ සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම සඳහා රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සොයා බැලුවේය.
විදෙස්ගතව සිටිමින් තම රට වෙනුවෙන් ශ්‍රමය කැප කළ ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන් ගේ නිදහස උදෙසා කළ හැකි උපරිම දේ සිදු කිරීමටත්, අදාළ පාර්ශවවල අවධානය ඒ වෙනුවෙන් අඛණ්ඩව යොමු කරවමින්, ඔහු නිදහස් කර ගැනීම සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි දී සහතිකයක් ලබාදුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
