Image

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා වූ පනත් කෙටුම්පත් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා වූ පනත් කෙටුම්පත් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා වූ පනත් කෙටුම්පත් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම පනත් කෙටුම්පත මෙලෙස ඉදිරිපත් කළේ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව ය.

මෙම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ: ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාපිත කිරීම මෙන්ම යහපාලනය, සුපිළිපන්භාවය, විනිවිදභාවය, වගවීම, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා යන මූලධර්ම මත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සහතික කිරීම අරමුණු කර ගනිමිනි.

තව ද: ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වවල සුබසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණය ඇතුළු අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපිත කිරීම, එහි බලතල සහ කර්තව්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික විධිවිධාන සැලසීම ද මෙම පනත් කෙටුම්පතෙන් අපේක්ෂා කරයි.

මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ2026 ජුනි 08 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී වන අතර ඒ සඳහා මේ වනවිට නීතිපතිවරයාගේ නිෂ්කාසනය ද ලැබී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න