Image

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇත.

ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනගරත්නම් මෙනෙවිය සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන ඤාණේස ලලිත් කන්නන්ගර  මෙසේ නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (23) පෙරවරුවේ එම මහත්ම මහත්මීන් වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක්ව සිටියේය.

maha1

maha3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න