Image

මැරීනෝ බීච් හෝටලයේ විකුණුම්කරුට අධි චෝදනා

මැරීනෝ බීච් හෝටලයේ විකුණුම්කරුට අධි චෝදනා

බම්බලපිටිය මැරීනෝ බීච් හෝටලය පිහිටි ඉඩම 2010 වසරේ දී දම්රෝ සමාගම වෙත විකිණීමේ දී රුපියල් බිලියනයකට ආසන්න මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළ බවට චෝදනා ලැබ සිටින බ්‍රිතාන්‍ය ජාතික කදිරවේලුපිල්ලෙයි සත්කුනම්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.

ඊට අදාළව ලබන ඔක්තෝබර් 21 දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සැකකරුට අද (23) නියෝග කළේ ය.

ඇක්සෙස් ඩිරෙක්ට් (බ්‍රිතාන්‍ය) පුද්ගලික සමාගමේ කොටස් හිමියකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුතු අවසන් කරන බව මහේස්ත්‍රාත්වරයා මෙහි දී දැනුම් දුන්නේ ය. එසේම සැකකරුට විදේශගත වීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති අතර, රුපියල් මිලියන 40ක පෙර ඇප මත ඔහුව මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර කළේ ය.

අදාළ ඉඩම විකිණීමේදී බ්‍රිතාන්‍ය සමාගමේ කොටස් හිමියන්ට රුපියල් බිලියනයක පමණ පාඩුවක් සිදු කරමින් සැකකරු සාපරාධී විශ්වාසය කඩකර, වංචා කර ඇති බව විමර්ශන වළදී අනාවරණය වී ඇත.

අගතියට පත් බ්‍රිතාන්‍ය සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක, නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සහ නීතිඥ නිපුන් නවරත්න යන අය පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පතිරණ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න