පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටු වීමට තීරණය කර ඇත.
මෙම මස 25 වැනිදා සිට 28 වැනි සඳුදා දක්වා කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මෙලෙස අත්හිටුවා ඇත්තේ: මධ්‍යම, උතුරු මැද, වයඹ, දකුණු, නැගෙනහි, උතු, සබරගමුව, සහ ඌව පළාත්වල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා ය.
අදාළ පළාත් නිලධාරින් සඳහන් කරන්නේ පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම සේවා අත්හිටුවා ඇති නමුත්, අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව මෙම මස 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සක්‍රීය කරන බව ඔවුන් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
