Image

නොවැම්බර් 01 සිට කාර්යයන් 8කට TIN සහතිකය අනිවාර්යයි!

නොවැම්බර් 01 සිට කාර්යයන් 8කට TIN සහතිකය අනිවාර්යයි!

බැංකු ගිණුමක් අලුතින් ආරම්භ කිරීම ඇතුළු නිශ්චිත කාර්යයන් 8කට ලබන නොවැම්බර්  01 වැනිදා සිට TIN සහතිකය  (Taxpayer Identification Number) අනිවාර්ය යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිශ්චිතව දක්වා ඇති කාර්යයන් 8ක් සිදු කිරීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කිරීම 2026 නොවැම්බර් 01 වන දින සිට අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දේශිය ආදායම්  දෙපාර්තමේන්තුව පවසන්නේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102(3) වගන්තිය සහ 2023 අංක 2334/21 දරන ගැසට් නිවේදනය අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සියලුම වාසික පුද්ගලයන් බදු හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම අනිවාර්ය බවයි.

2026 අංක 11 දරන සංශෝධන පනතට අනුව මෙම නව නියෝගය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුමක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ එහි ධාවන බලපත්‍රය අලුත් කිරීම, ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබා ගැනීම යන කාර්යයන් සඳහා TIN සහතිකය ඉදිරිපත් කළ යුතුය.

මෙම කාර්යයන් කිරීමට පෙර වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කර ඇති බවට අදාළ නිලධාරීන් තහවුරු කර ගත යුතු බවට චක්‍රලේඛ මගින් උපදෙස් දී ඇත.

TIN අංකයක් නොමැති අය https://eservices.ird.gov.lk හරහා ඊ-සේවාව ඔස්සේ ලියාපදිංචි විය යුතු බවත්, දැනටමත් TIN ඇති අය එහි වලංගුභාවය තහවුරු කර ගත යුතු බවත් දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය සඳහන්ව මුද්‍රණය කරන ලද පිටපතක් ද නිල සහතිකය වෙනුවට පිළිගන්නා බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මියගේ  අත්සනින්  නිකුත්  කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

-ජේ. මුණසිංහ-

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න