බලය තියෙන්නේ විධායක ජනාධිපති ධුරයේ, පාර්ලිමේන්තුවේ හෝ පළාත් පාලන ආයතන තුළ නොව ජනතාව තුළ වන බවද, වර්තමාන ආණ්ඩුව ජනතාවගේ බලය විශ්වාස කරන ආණ්ඩුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ගම්පහ පැවැති ජන රැළියකට එක්වෙමින්, ආණ්ඩුවේ වසර දෙකක පාලන කාලය පිළිබඳව ජනතාව දැනුවත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය:
“මේ වන විට අපේ ආණ්ඩුවට අවුරුදු දෙකක් ගත් වී තිබෙනවා. වසර දෙකකට පසුව අපේ ආණ්ඩු මොනවද කරමින් සිටින්නේ කියලා ඔබ සමග කථා කරන්නයි අද අපි ආවේ.
සාමාන්‍යයෙන් ව්‍යවස්ථානුකූල බලය තිබෙනවා, ජනාධිපතිවරයාට විධායක බලය තිබෙනවා. මීට කලින් හිටපු ජනාධිපතිවරුන්ටත් තිබ්බා. අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබෙනවා. ඒක විශේෂ බලයක්, තනි පක්ෂයක් එකපාර ගත්තු පළමු තුනෙන් දෙකේ බලය අපිට තිබෙනවා. හැබැයි, විවිධ විදියට අටවා ගත්තු තුනෙන් දෙකේ බලයක් තිබු තවත් ආණ්ඩු තිබුණා. ඒ වගේම ප්‍රාදේශීය සභා, නගර සභාවල බලය තිබුණා. හැබැයි මොකක්ද සිද්ධ වුණේ? ඉතා කෙටි කාලයක් ඇතුළත ඒ පාලනයන් බිඳවැටුණා. උදාහරණයක් විදියට ගත්තොත් 2019 දී 69 ලක්ෂයක බලයක් ලැබුණා. විධායක බලය ලැබුණා. කොච්චර බලයද කියනවා නම්, එය පවුලේ අයගෙන් සමන්විත වෙලා තිබ්බා. එහෙත් අවුරුදු දෙකකින් ගෙදර යන්න සිද්ධ වුණා.”
අතීත උදාහරණ පෙන්වා දෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, 2019 වසරේදී ලක්ෂ 69ක ජනවරමක් සමඟ විධායක බලය මෙන්ම පවුලේ සාමාජිකයන්ගෙන් සමන්විත බලයක් තිබූ පාලනයකට පවා වසර දෙකක් යනවිට ගෙදර යාමට සිදු වූ බවයි.
“ඒ නිසා බලය තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයේ හෝ, පාර්ලිමේන්තුවේ හෝ, නගර සභා, ප්‍රාදේශීය සභා තුළ නෙවෙයි. බලය තිබෙන්නේ ජනතාව සමගයි. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවගේ බලය විශ්වාස කරන ආණ්ඩුවක්. මේ බලය තිබෙන තාක්කල් මේ ආණ්ඩුව හොල්ලන්නත් බැරි ආණ්ඩුවක්. එහිදී අපි මේ රටේ ජනතාව කෙරෙහි විශ්වාස තබා තිබෙනවා.” යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ කතාව කියවන්න මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
