" ස්වාමිනි, මට අවස්ථා දෙකකදීම සයනයිඩ් ගහන්න හැදුවා. වැලිසර බන්ධනාගාරයේ නිසි ආරක්‍ෂාවක් නැහැ. මරණ තර්ජන තියෙනවා. නිසි ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලනවා" යනුවෙන් ප්‍රබල පතාල කල්ලි නායකයෙක් බව කියන කෙහෙල්බද්දර පද්මේ අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඉල්ලා සිටියා.
නිතිවිරෝධීව පතාල නායකයින් දෙදෙනකු වන ගම්පහ බබා සහ බබී බෝට්ටු මගින් ඉන්දියාවට යැවීමේ චෝදනාවට අදාල සැකකරුට එරෙහිව ගොනු කර තිබු නඩුව අද (28) කැඳවු අවස්ථාවේදී මෙලෙස දන්වා සිටියා.
බන්ධනාගාර නිලධාරීන්ට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු ලබන 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි වැලිසර බන්ධනාගාරයේ සිට සුම් තාක්ෂණය ඔස්සේ සැකකරු පෙනී සිටියා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
