ශ්‍රී ලංකාවේ නව චීන තානාපති Wei Huaxiang මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (28දා) පැවැත්විණි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම තරුණ සංවර්ධනය, තරුණ හුවමාරු වැඩසටහන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව පුළුල් කරමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
එමෙන්ම ලබන වසරේ දී තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට ලබාදීමට හැකි බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කුසලතා සංවර්ධනය, ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම සහ දෙරටේ තරුණයන් අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
චීන තානාපති Wei Huaxiang මහතා 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කළේය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර , චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
