ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කරමින් නිල බලය අයුතු ලෙස යොදා ගෙන ආයතනයේ ලිපි ශීර්ෂ භාවිතා කර විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ නිකුත් කර ඇති විමර්ශන වාර්තාවකින්,
බොරැල්ල එලියට් පාරේ වරිපනම් අංක 30 ස්ථානයේ, ප්‍රමාණයෙන් හෙක්ටයාර් 1.0982 ක් වන, වෙළඳපල වටිනාකම රු.1,586,000,000/-ක් (රුපියල් එකසිය පනස්අට කෝටි හැට ලක්ෂයක්) වන රජයේ ඉඩම, පෞද්ගලික පාර්ශවයක් සතු ඉඩමක් ලෙසට ඒත්තු ගන්වා එමඟින් රජයට පාඩුවක් මෙන් ම වෙනත් තැනැත්තෙකුට වාසියක් සිදු කිරීම මඟින් දුෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මත ඉඩම හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු (විමර්ශන) වූ මලේ පතිරණගේ නිශාන්ත මෝහන් වික්‍රමසිංහ යන අය 2026.09.29 වන දින පෙ.ව.9.45 ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
