Image

ක්‍රිෂ් ගනුදෙනුවේ මුදල්, මුදල් විශුද්ධිකරණයෙන් ලැබුණු ඒවා බව ඉන්දියාවෙන් දැනුම් දීලා – අල්ලස් කොමිසම අධිකරණයට කියයි

ක්‍රිෂ් ගනුදෙනුවේ මුදල්, මුදල් විශුද්ධිකරණයෙන් ලැබුණු ඒවා බව ඉන්දියාවෙන් දැනුම් දීලා – අල්ලස් කොමිසම අධිකරණයට කියයි

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව භාවිත කර ඇති මුදල් මුදල් විශුද්ධිකරණයෙන් උපයා ගත් මුදල් බවට ඉන්දීය රජය දැනුම් දී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

ඒ  ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. ඊයේ (28) දින මෙම නඩුවේ හතරවන සැකකරු ලෙස නම් කෙරුණු රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ අද (29) දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්,

ස්වාමීනි,

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් මොහුව සැකකරුවෙකු ලෙස නම් කළා.

මෙම සිදුවීමට අදාලව රුපියල් මිලියන 70ක් නිමල් පෙරේරා යන අය හරහා අවස්ථා දෙකකදී මිලියන 35 බැගින් මෙම සැකකරු භාරගෙන තිබෙනවා. ඒ බව සැකකරුගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇති අතර එය ඔහු විසින් තහවුරු කලා. මෙම සිදුවීමට අදාල ප්‍රස්තුත ඉඩම ලබා දීමේදී රාජ්‍ය ආයතන ඉතාමත් වේගයෙන් කටයුතු කරලා තියෙනවා. එක් දවසක් තුල අධ්‍යක්ෂ මණ්ඩලය මෙය අනුමත කරලා තියෙනවා. ඉන්දියානු රජය මෙරටට දැනුම් දී තිබෙනවා මෙම ගොඩනැගිල්ල කටයුතු සදහා අශුද්ද මුදල් භාවිත කර ඇති බවට. මෙම ප්‍රස්තුත ඉඩම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ආයෝජනය කර තිබියදී තමයි නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රිෂ් සමාගමට පැවරීමට ඉතාමත් වේගයෙන් කටයුතු කරලා තියෙන්නේ. ඒ කාලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කලේ මොහුගේ බාප්පෙක් වෙන බැසිල් රාජපක්ෂ.  ඒ කාලේ නාගරික සංවර්ධන අධිකාරිය පැවැතියේ රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ එහි ලේකම් ලෙසත් මොහුගේ බාප්පෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ තමයි කටයුතු කළේ. මෙම ගණුදෙනුව වන විට රටේ ජනාධිපති ලෙස කටයුතු කලේ මොහුගේ පියා මහින්ද රාජපක්ෂ.මේ සියලු කරුණු සලකා බලා තමයි දූෂණ විරෝධි පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැකකරු සම්බන්ධව සහතිකයක් නිකුත් කර තිබෙන්නේ. අධිචෝදනා පත්‍ර ඉක්මනින් ගොනු කිරීමට කටයුතු කරනවා.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කරුණු දැක්වීමක් සිදු කරමින් සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළා.

(උපුටා ගැනීම)

ජනාධිපති නීතීඥ අලි සබ්රි

ස්වාමිනි,  මොවුන් මගේ සේවාදායකයව සැකකරුවෙක් ලෙස නම් කරන්නත් කලින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ඉදිරිපත් කර තිබෙනවා මේ අධිකරණය හමුවට, ස්වාමිනි මෙහෙම කරන්න බැහැ.

මේක private මාෆියාවක් වගේ හරියට. සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ අල්ලස් පනතෙන්. නව දූෂණ විරෝධි පනතෙන් නෙමේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. එවන් අවස්ථාවක සැකකරුට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන මෙම සහතිකයේ වලංගුතාවයක් නෑ. මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනී."

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නඩුවේ පලමු සැකකාරිය ඔක්තෝබර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් එදින දක්වා සැකකාර නාමල් රාජපක්ෂ ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න