එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුකරය අද (30) කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.
ඒ අනුව බන්ධනාගාරය විසින් අද යළිත් නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, නඩුව විවෘත අධිකරණයේ කැදවනු ලබයි.
එමෙන්ම පෙර නඩු වාරයේදී නාමල් රාජපක්ෂගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
මේ අතර, අල්ලස් කොමිසම විසින් නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවට අදාළ නඩුකරය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින්ද ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඊයේ (28) දින කළ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
එසේම ක්‍රිෂ් ගනුදෙනුව ට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර ඇයගේ ප්‍රකාශ වලට සහ කළ විමර්ශන වලට අනුව එම නඩුවේ සිව්වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කළ බව අල්ලස් කොමිසම ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා හමුවේ දැනුම් දී තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
