Image

කපිල චන්ද්‍රසේනගේ බිරිඳට ඇප තැබූ අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කිරීමට නියෝග!

කපිල චන්ද්‍රසේනගේ බිරිඳට ඇප තැබූ අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කිරීමට නියෝග!

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යානා ඇණියක් ලබා ගැනීමේදී සිදුව ඇති බව කියන ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ දූෂණ සිදුවීමට අදාළ නඩුවේ දෙවන සැකකාරිය වෙනුවෙන් තබන ලද රුපියල් මිලියන 40ක ශරීර ඇප මුදල රාජසන්තක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.

මෙලෙස ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග වූයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී (ඇප මත සිටියදී සියදිවි නසාගත්) කපිල චන්ද්‍රසේනගේ  බිරිඳ වන දෙවන සැකකාරිය වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තැබූ ඇප මුදල්ය. ඇය වෙනුවෙන් ඔවුන් දෙදෙනා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් අධිකරණය හමුවේ තැන්පත් කර තිබුණි.

ඇප මුදල් රාජසන්තක නොකිරීම සම්බන්ධයෙන් වන නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

ඇප තබා විදේශ ගත වී සිටි දෙවන සැකකාරිය ඔහුගේ සැමියා වන කපිල චන්ද්‍රසේන මිය යාමට පෙරද අධිකරණය මග හැර වරෙන්තු නිකුත් වී ඇති බැවින් ඇපකරුවන් සහනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.ඒ අනුව අද දිනයේ රුපියල් මිලියන 20 මුදලක් ගෙවීමට කළ ඉල්ලීමට අවසර ලැබිණි. ඉතිරි මුදල් ගෙවීම ලබන ඔක්තෝබර් මස 14 තෙක් කල් තැබිණි 

නඩුවේ දෙවන සැකකාරිය තම සැමියා සියදිවි නසා ගැනීම සහ ඇයගේ ජීවිතය පිළිබඳ ඇති අසීමිත බිය හේතුවෙන් ශ්‍රී ලංකාව ට පැමිණීමට බියෙන් පසු වන බවත් මේ මොහොතේ සැකකාරිය තම පාලනයෙන් තොර බවත් ඇපකරුවන් අධිකරණයට දන්වා ඇත.

මේ වන විට කපිල චන්ද්‍රසේන යන සැකකරුගේ බිරිදට විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර එය ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කර ඇත.

මෙම නඩුවේ තෙවන සැකකරු වන හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් සමීන්ද්‍ර රාජපක්ෂ යන අයටද ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න