Image

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෙකුට කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක්!

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෙකුට කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති වී ඇති බව වාර්තා වෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසළදී මේ පහරදීම සිදුවී තිබේ.

හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයමින් අදාළ ආරක්ෂක නිලධාරියා පිටතට පැමිණීමේදී, තමන්ගේ රාජකාරියට බාධා වූ බව හඟවමින් එකී කැමරා ශිල්පියා සිය කැමරාවෙන් ආරක්ෂක නිලධාරියාගේ හිසට පහර දෙන ආකාරය එහි සිටි තවත් මාධ්‍යවේදීන් රැසකගේ වීඩියෝ කැමරාවල සටහන්ව තිබුණි.

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවේ යෙදී සිටියදී  ප්‍රහාරයට ලක්වූ  නිලධාරියා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න