කිලිනොච්චිය, පලෙයි රක්ෂිතයේ LTTE ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ප්‍රචාරය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 7 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස තමන්ව හඳුන්වාගත් සංගීත් ජයසේකර නම් තැනැත්තෙකි.
අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු කොළඹ පිහිටි හෝටලයකදී (2026.08.14) දින මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.
එමෙන්ම සැකකරුගේ දුරකථන වර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත්, සැකකරු විසින් ව්‍යාජ ලේඛන රාශියක් සාදා ඇති බවත්, සැකකරු ජාතික හැදුනුම්පත් 3ක් තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී, කිලිනොච්චිය ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු ලබා දුන් තොරතුරකට අනුව මෙම ප්‍රකාශය කළ බව පැවසූ නමුත්, අදාළ අඩවි වන නිලධාරියාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී එවැනි කිසිදු තොරතුරක් ලබා නොදුන් බවට තහවුරු වූ බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව සැකකරු විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
