Image

සෙව්වන්දි සහ පද්මේ රස පරික්ෂකට යවන්න; CCD ය අධිකරණයෙන් ඉල්ලයි

සෙව්වන්දි සහ පද්මේ රස පරික්ෂකට යවන්න; CCD ය අධිකරණයෙන් ඉල්ලයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාලව කෙහෙල්බද්දර පද්මේ සහ ඉෂාරා සෙව්වන්දි රස පරික්ෂක වෙත යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අවසර ඉල්ලා සිටියා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි විමර්ශන නිලධාරීන් විසින් පවසා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා අතර සිදුවු සංවාද සම්බන්ධයෙන් හඬ පට ඇතුළත් සි.ඩී පඨයක් මේ වන විට රස පරික්ෂක වෙත යොමු කර ඇති බවයි.

එම හඬ පටයේ ඇති කටහඩ පරීක්ෂා කිරිමට මෙම සිද්ධියට අදාලව 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ 18 වන සැකකාරිය වන කෙහෙල්බද්දර පද්මේ රස පරීක්‍ෂක වෙත යැවීමට අවශ්‍ය බැවින් අධිකරණයෙන් එලෙස අවසර ඉල්ලා සිටියා.

තවද කෙහෙල්බද්දර පද්මේ සන්තයේ තිබි අත්අඩංගුට ගත් ජංගම දුරකථනය සම්බන්ධයෙන් වෝහාරික පරීක්‍ෂණ අවසන් බවත් ඒ අනුව මෙම අපරාධය සිදු කිරීමට කළ සැලසුම් සහ පසු හැසිරීම් ගැන කරුණු අනාවරණය වන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධියට අදාල එක් සැකකාරියක් පමණක්  විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.

සැකකරුවන් ලබන 16 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න