ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට අනුව 'ක්‍රිෂ් ට්‍රාන්ස් හෝල්ඩින්ග්ස්' සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ සැකකරුවන් වන අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා යන අයට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මේ වන තෙක් අධිකරණය හමුවේ තහවුරු කර නොමැති හෙයින් එම ඉල්ලා සිටින වරෙන්තුව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා පැවැසීය.
සිද්ධියේ පසුබිම සහ අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියෙකු සාක්ෂි කූඩුවේ සිට කරුණු දක්වමින් කියා සිටියේ, ක්‍රිෂ් සමාගමේ ගිණුමකින් නිමල් හේමසිරි පෙරේරා නමැත්තා හරහා අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන 70 ක අල්ලස් මුදලක් මෙම සිද්ධියේ 4 වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ලබාගෙන ඇති බවයි. සිද්ධියට අදාළ 3 වන සැකකාරිය වන ජානකී සිරිවර්ධන නමැත්තිය දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවද ඔහු පැවසුවේයද්.
අදාළ ඉන්දීය අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්ටයාර් (සමාගමේ සභාපති/අධ්‍යක්ෂ) සහ රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තා (විධායක නිලධාරී/අධ්‍යක්ෂ) යන අයගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තොරතුරුවලට අනුව ගුවන් තැපෑලෙන් කැඳවීම් ලිපි යොමු කළද, මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විමර්ශන නිලධාරියා පැවසීය. එම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව
ඉදිරිපත් වූ කරුණු හා සාක්ෂි සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ලේඛන මත පදනම් වූ කරුණු තිබූ පමණින්ම වරෙන්තුවක් නිකුත් කළ නොහැකි බවත්, අදාළ අපරාධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාවක් මගින් අධිකරණයට තහවුරු කළ යුතු බවත්ය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ සඳහන් කළේය:
" 2026/9/24 දින පුද්ගලයන් දෙදෙනෙක් නම්කර තිබෙනවා. වරෙන්තු නිකුත් කරන්න කියලා ඉල්ලලා තිබෙනවා අද අධිකරණයෙන්. එම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නොවන අතර ඉන්දියාවේ පදිංචි පුද්ගලයන්. වරෙන්තු නිකුත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඉදිරිපත් කරන තිබෙන සාක්ෂි ප්‍රමාණවත් නැහැ. ක්‍රිෂ් ට්‍රාන්සර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් ලෙස මෙම දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට තිබෙන බවයි සාක්ෂිකරු අධිකරණයේදී දන්වා සිටියේ. අල්ලස් කොමිසමට වරෙන්තු ඉදිරිපත් නොකර අත්අඩංගුවට ගන්න පුළුවන්.ඊට පෙර අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි ගොනු කළ යුතුයි. එම නිසා මේ මොහොතේ වරෙන්තුව ප්‍රතික්ෂේප කරනවා."යනුවෙන් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
