හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මේ තීන්දුව ලබා දුන්නා.
2022 වසරේ අගෝස්තු මස 13 වන දා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4.95 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ මෙම විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.
ඒ අනුව විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
