Image

ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් හා AI මධ්‍යස්ථානයක් කිරීමේ සැලැස්මක්

ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් හා AI මධ්‍යස්ථානයක් කිරීමේ සැලැස්මක්

ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් හා AI මධ්‍යස්ථානයක් කිරීමටත්, 2030වන විට ඩොලර් බිලියන 5ක ඩිජිටල් අපනයන ඉලක්කයට ළඟාවීමටත් රජයේ අවධානය යොමු කරන ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න  පවසයි.

ශ්‍රී ලංකාව කලාපීය දත්ත මධ්‍යස්ථාන (Data Centre) හා කෘත්‍රිම බුද්ධි (AI) නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට ඇති හැකියාව මෙන්ම, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ඩිජිටල් අපනයන ආදායමක් ලබාගැනීමේ රජයේ අභිප්‍රාය බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න  අවධාරණය කරයි.

නි‍යෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (Digital Marketers Association of Sri Lanka) විසින් සංවිධානය කරනු ලබන ‘Digital Summit Asia Sri Lanka 2026’ තෙවන අදියරේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස පසුගියදා  කොළඹ වෝටර්ස් ඒජ් හිදී එක්වෙමිනි.

“The Epicentre” තේමාව යටතේ දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ තාක්ෂණික, ඩිජිටල් අලෙවිකරණ, නිර්මාණශීලී හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් එක්ව සිටිති.

එහිදී සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව පිහිටා ඇති උපායමාර්ගික ස්ථානය සහ ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධති වෙත ඇති පහසු ප්‍රවේශය භාවිත කරමින් රට කලාපීය හෝ ගෝලීය දත්ත මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කළ හැකි බවයි. එමෙන්ම රාජ්‍ය සේවය සහ විවිධ කර්මාන්ත යථාර්ථවාදීව පරිවර්තනය කිරීමට කෘත්‍රිම බුද්ධිය සතුව ඇති හැකියාවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව AI නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ වැදගත්කමත් හෙතෙම පෙන්වා දුන්නේය.

රජයේ ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයේ ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළ අතර රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම, ඩිජිටල් කර්මාන්තය ව්‍යාප්ත කිරීම, මුදල් රහිත (Cashless) ආර්ථිකයක් කරා ගමන් කිරීම, ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම,ඩිජිටල් නවෝත්පාදන හරහා සාම්ප්‍රදායික කර්මාන්ත පරිවර්තනයට ලක්කිරීම සම්බ්න්ධයෙන් අවධානය යොමු කළේය.

ඩිජිටල් සහ QR ගෙවීම් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා පාරිභෝගිකයන්ගේ මුදල් භාවිත කිරීමේ හැසිරීම් රටාවන් වෙනස් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. මුදල් මත පදනම් වූ ගනුදෙනු වෙනුවට ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන්හි ඇති වාසි පිළිබඳව ජනතාව සහ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම සඳහා ඩිජිටල් අලෙවිකරණයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම, ශක්තිමත් ඩිජිටල් අලෙවිකරණයක් සහ ප්‍රබල ගෝලීය ඩිජිටල් නියෝජනයක් මගින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සේවාවන් ජාත්‍‍යන්තර වෙළඳපොළට රැගෙන ගොස් වැඩි විදේශ ආදායමක් උපයා ගැනීමට හැකිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න