Image

"මරණ දණ්ඩනය දඬුවමක් ද?" මහජන සම්මන්ත්‍රණයක් හෙට කොළඹදී

"මරණ දණ්ඩනය දඬුවමක් ද?" මහජන සම්මන්ත්‍රණයක්  හෙට කොළඹදී

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය, සමාජ විද්‍යාත්මක සහ මානව හිමිකම් කෝණයෙන් විමසා බලන විශේෂ මහජන සම්මන්ත්‍රණයක් හෙට (06 ) කොළඹ පැවැත්වීමට ලංකා තානාපතිවරුන්ගේ සංසදය (Lanka Ambassadors Forum UK/SL) කටයුතු යොදා තිබේ.

"Is the Death Penalty a Capital Punishment?" යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය හෙට (06) පස්වරු 5.00 ට කොළඹ  මහාචාර්ය ස්ටැන්ලි   විජේසුන්දර මාවත  පිහිටි වෘත්තීයවේදීන්ගේ  සංගමයේ (OPA) ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව යා කරමින් "ජාතීන් යා කිරීම, නීතියේ විශිෂ්ටත්වය, රාජ්‍ය තාන්ත්‍රික පාලම" යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ලංකා තානාපතිවරුන්ගේ සංසදය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සහ තේමා දේශනය තානාපති සරත් විජේසිංහ  මහතා විසින් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම මෙහි විද්වත් මණ්ඩපය ලෙස

මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා,

මහාචාර්ය ජීවා නිරියැල්ල, චේතිය ගුණසේකර  

ශ්‍රීනාත් පෙරේරා

 ආචාර්ය ජෙහාන් පෙරේරා යන මහත්ම මහත්මිහු  කටයතු  කරනු ඇත.

ඊට අමතරව ආරාධිත අමුත්තන් ලෙස ආචාර්ය ජනාධිපතිි  නීතිඥ  සුනිල් අබේරත්න, යාජිෂ් තෙන්නකෝන් , එස්. බගිරාදන් සහ දමින්ද ගුණතිලක  යන  මහත්වරු  සහභාගී වනු ඇත.

මරණ දණ්ඩනය නීතිය තුළ දඬුවමක් ලෙස පැවතිය යුතු ද?  එය සදාචාරාත්මකව සහ සමාජීයව නිවැරදිද? යන්න පිළිබඳව විවේචනාත්මක සහ පුළුල් සාකච්ඡාවක් මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම සම්මන්ත්‍රණය සඳහා ඇතුළුවීම නොමිලේ (Admission is Free) වන අතර නීති ක්ෂේත්‍රයේ, මානව හිමිකම් ක්ෂේත්‍රයේ සහ සමාජ ක්‍රියාකාරීන්ට මෙන්ම මහජනතාවට ද විවෘතව ඇතැයි  සංවිධායක ලේකම් නීතිඥ  සුගන්ධිකා  කේ. හංගිලිපොල  මෙනවිය පැවසුවාය.

ජයසිරි මුණසිංහ


WhatsApp Image 2026 10 04 at 11.14.41 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න