සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරු පෙළඹවීමට කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් මුදලක් ලබා දුන්නැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුලු තිදෙනා ලබන 20 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (6) නියෝග කළා.
සිද්ධියට අදාලව සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකු වන චරිත් නමැත්තා සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා එලෙස නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
තුන්වැනි සැකකරුට මෙම සිද්ධියට අදාලව ආධාර අනුබල දීමේ චෝදනා ගොනු කර ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ කරුණු:
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ
කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් පිරිනැමිමේ චෝදනාවක් සම්බන්ධයෙන් දෙවන සැකකාරියට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවයි.
සිද්ධියට අදාල පළමු සැකකරුවන කා.කා.සහයකවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදි ඔහු සන්තකයේ තිබු ජංගම දුරකථනය පරීකෂා කළ බවත් එහි වට්ස්ඇප් අංකයේ තිබු තොරතුරු අනාවරණය කරගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
2026/8/14 දින චරිත් එන්න යනුවෙන් පළමු සැකකරුට පණිවිඩ යවා තිබු බවත් තවද 2026/8/17 වන දින " මං කරන්න පුලුවන් ද බැරිද කියලා දවස් දෙකකින් කියන්නම්" යනුවෙන් පලමු සැකකරු යවා තිබු බවයි විමර්ශන නිලධාරීන් දන්වා සිටියේ.
තවද 2026/8/23 දින පලමු සැකකරු "මැඩම් වැඩේ හරි සල්ලි ටික ලෑස්ති කරලා තියන්න. මං එනවා දැන්" යනුවෙන් වට්ස්ඇප් හරහා යවා තිබු බවයි අල්ලස් කොමිස අධිකරණයට දන්වා සිටියේ.
තවද යම් කිසි කේත ක්‍රමයක් භාවිතා කර දුරකථනය හරහා මෙලෙස පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවත් බොහෝ පණිවිඩ මකා දමා තිබු බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
තවද එම වට්ස් පණිවිඩ තුළ මුදල් හුවමාරු කර ගන්නා ලද ඉන්වොයිස් තිබු බවද ඔවුන් පවසා සිටියා.
තවද අධිකරණයේ පවතින නඩුවකට මෙලෙස බලපෑම් කිරීමට නොහැකි බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා .
සිද්ධියට අදාල විමර්ශන කටයුතු තවදුරටත් සිදු වන බැවින් සැකකාරිය විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.
විත්ති පාර්ශ්වයේ ඇප ඉල්ලීම්
සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටියේ සුදුසු ඕනෑම කෝන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසයි.
පළමු සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නීතීඥවරයා පවසා සිටියේ යම් කිසි පෙළඹීමක් මත මෙම සිදුවීම සිදුව ඇති බවත් අවුරුද්දකට වඩා මගේ සේවාදායකයා එම විනිසුරුවරයා ගාව සේවය කරන බැවින් මෙවැනි ක්‍රයාවක් සිදු විය නොහැකි බැවින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටින බවයි.
දෙවැනි සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මෙලෙස අධිකරණයට දන්වා සිටියා.
"ස්වාමීනි, මාගේ සේවාදායකයාගේ දියණිය උසස් පෙළ කරලා. A 4 ක් අරන් ඉනනේ. පිටරට යන්න පවා අවස්ථාව ලැබිලා තිබෙනවා. දියණියට වීසා ලබාගන්න තිබෙනවා. තවද ඇයගේ වයසට ඇයගේ පියාත් ඉන්නේ සිර දඬුවම් විඳිමින්. අම්මාත් රක්ෂිත බන්ධනාගාර ගත වුණොත් ඒක දරාගන්න බැහැ. එම නිසා දරුවා මානසික ආතතියට පත් වෙලා. ස්වාමීනි දරුවා වරදක් කරලා නැහැ.ඒ නිසා ස්වාමීනි සුදුසු ඇපයක් මත මුදා හරින්න."
තුන්වැනි සැකකරුවන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා පවසා සිටියේ තම සේවාදායකයා අල්ලස් ලබා ගත් බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂකවරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර නොමැති බවයි.
මහේස්ත්‍රාත්වරයා
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියේ ඉදිරිපත් කරන ලද කරුණු සුවිශේෂී කරුණු නොවන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
