Image

සුරේෂ් සලේ රෝහලෙන් මුදා නොහැරීම: වෛද්‍යවරුන් 10 දෙනෙකුට අද අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

සුරේෂ් සලේ රෝහලෙන් මුදා නොහැරීම: වෛද්‍යවරුන් 10 දෙනෙකුට අද අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාර මාලාවේ සැකකරුවෙක් ලෙස නම් කරමින් රදවා ප්‍රශ්න කරන දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු යුධ හමුදා බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ යන අය ජාතික රෝහලෙන් මුදා නොහැරීමට අදාලව වෛද්‍ය වාර්තා අත්සනින් නිකුත් කළ වෛද්‍යවරුන් දහදෙනාට සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයාට අද (6) පස්වරු 2.00 ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නිකුත් කළ නොතිසියක් ප්‍රකාරව මෙම පිරිස අධිකරණයට හමුවේ පෙනී සිටීමට නියමිතය.

දැනට ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන සැකකාර සුරේෂ් සලේ පසුගිය 28 වනදා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදා හැරීමට හැකි බව කොළඹ ජාතික රෝහලේ ‍අයක්ෂකවරයා විවෘත අධිකරණය හමුවේ පෙනී සිට සිදුකළ ප්‍රකාශය අනුව ඔහු මුදා හැර නැති බවට මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමට අනුව මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර ඇත.

සුරේෂ් සලේ මුදා හැරීමට නොහැකි බවට ජාතික රෝහලේ පෝෂණවේදී, මානසික වෛද්‍යවරුන් ඇතුළු10 යුක්ත වෛද්‍ය මඩුල්ලකගේ අත්සනින් යුතුව වෛද්‍ය වාර්තාවක් නිකුත් කර ඇති බවත් ඊට අනුව සැකකාර සුරේ සලේ මුදා හැර නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අධිකරණය හමුවේ දැනුම් දි තිබේ.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාව අත්සන් කළ වෛද්‍යවරුන් දහදෙනාට නොතිසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  නොතිසි නිකුත් කරමින් මෙම නියෝගය සිදු කළා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න