දැනට රැකියා විරහිත සිටින සියළු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉදිරි 2027 අයවැය මගින් වෙන් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටී.
එමෙන්ම, ජාතික ජන බලවේගය 2024 ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කළ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොරොන්දු සිහිපත් කරමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, රැකියා විරහිත උපාධිධාරීන් සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බවට එහි පැහැදිලිව සඳහන් කර තිබූ බවයි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව:
වශයෙන් රැකියා අවස්ථා ලබාදීමට පොරොන්දු වී ඇති බව අදාළ ලිපියේ දැක්වේ.
තවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ 2005, 2011 සහ 2012 වසරවලදී උපාධිධාරීන් රාජ්‍ය සේවයට හා සංවර්ධන නිලධාරී තනතුරු සඳහා විශාල වශයෙන් බඳවා ගත් ආකාරය පූර්වාදර්ශ ලෙස පෙන්වා දෙන නාමල් රාජපක්ෂ, එම අත්දැකීම් ද පදනම් කරගනිමින් වත්මන් රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනා වෙනුවෙන් නිශ්චිත කාලරාමුවක් තුළ එම පොරොන්දු ක්‍රියාත්මක් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මතු පළවන්නේ නාමල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියේ ලිඛිත පිටපතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
