වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්තේ නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස් කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කොට තිබෙනවා.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ අබු හනීෆා මොහොමඩ් මුසිෆ් සහ අමිර් හමසා මොහොමඩ් හමාස් යන දෙදෙනාටයි.
සහරාන් හෂිම් ඇතුළු අන්තවාදී කණ්ඩායම් සමඟ එක්ව 2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි ලැක්ටෝස් වත්තේ නීතිවිරෝධී ආකාරයෙන් ගිනි අවියක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කර තැබූ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
එම චෝදනාවලට අදාළව අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
