දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවකට අවස්ථා කිහිපයකදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළේය.
මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
විවෘත වරෙන්තු මත සිටි හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අදාළ නඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.
ඒ අනුව, අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රෝහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
