Image

සෑම රාජ්‍ය සේවකයෙක්ටම නිල Email ලිපිනයක්

සෑම රාජ්‍ය සේවකයෙක්ටම නිල Email ලිපිනයක්

රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ සහ වේගවත් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස රාජ්‍ය අංශයේ සේවකයන්ට නිල විද්‍යුත් තැපැල් ලිපින ලබාදීමට රජය තීරණය කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

වඩාත් අන්තර්-සම්බන්ධිත රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සහ රජයේ ආයතන අතර කාර්යක්ෂම සන්නිවේදනයක් සහ දත්ත හුවමාරුවක් පහසු කිරීම මෙහි අරමුණ බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළේය.

රාජ්‍ය අංශයේ සේවකයන් බොහෝදෙනෙකු දැනට සන්නිවේදන කටයුතු සඳහා තමන් විසින්ම පුද්ගලිකව සාදාගත් විද්‍යුත් තැපැල් ලිපින භාවිතා කරන බව ද ඔහු සඳහන් කළේය.

නව වැඩසටහන යටතේ, රජයේ නිල විද්‍යුත් තැපැල් ලිපින මඟින් රාජ්‍ය නිලධාරීන්ට ලේඛන සහ අනෙකුත් අත්‍යවශ්‍ය තොරතුරු ආරක්ෂිතව හුවමාරු කර ගැනීම පහසු වන අතරම, වීඩියෝ සම්මන්ත්‍රණ වැනි ක්‍රියාකාරකම් සඳහා ද එය රුකුලක් වනු ඇත.

විද්‍යුත් තැපැල් ඔස්සේ නිල සන්නිවේදන කටයුතු සිදු කරන සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම නිල විද්‍යුත් තැපැල් පහසුකම ලබා දීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න