Image

මිලියන 75ක වත්කම් අයථා ලෙස ඉපැයූවැයි විමල් වීරවංශට එරෙහි නඩුව ලබන 20 වැනිදාට කල් යයි

මිලියන 75ක වත්කම් අයථා ලෙස ඉපැයූවැයි විමල් වීරවංශට එරෙහි නඩුව ලබන 20 වැනිදාට කල් යයි

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 20 වැනිදා කැඳවීමට අද (08) කොළඹ මහාධිකරණය නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ අද නඩුව කැඳවු ලැබීය.

නඩුවේ සාක්ෂි විභාගය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන අංක 31,32,33 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා අද සිතාසි නිකුත් කළේය.

සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් තිදෙනකු අධිකරණයේදී සාක්ෂි ලබා දෙන ලදී.

සිද්ධියට අදාළ සැකකරු වන හිටපු අමාත්‍ය විමල් වීරවංශ විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න