ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (09) ඉල්ලා අස්කර ගනු ලැබීය.
මෙම නඩුකරයට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බැවින්, ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
