Image

වැරදුණු තැන් හරිගිය තැන් අවබෝධ කර ගන්න ‘Tear Drop Nation’ විශාල පිටුවහලක් - සජිත් ප්‍රේමදාස

වැරදුණු තැන් හරිගිය තැන් අවබෝධ කර ගන්න ‘Tear Drop Nation’ විශාල පිටුවහලක් - සජිත් ප්‍රේමදාස

රටක් ලෙස අපට වැරදුණු තැන් මෙන්ම හරිගිය තැන් ද නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා ‘Tear Drop Nation’ චිත්‍රපටය විශාල පිටුවහලක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. ඒ තුළින් විචාරාත්මකව හා විවේචනාත්මකව සෑම දෙයක්ම ධනාත්මක හා ගුණාත්මක ලෙස ප්‍රශ්න කරමින්, ලබා දෙන පාඩම් ඉගෙන ගෙන රටක් ලෙස ඉදිරියට යා යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

සාරා කබීර් විසින් නිර්මාණය කරන ලද ‘Tear Drop Nation’ චිත්‍රපටය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙම චිත්‍රපටයේ නිෂ්පාදිකා සාරා කබීර් සිය දේශපාලන මතවාද පසෙකලා අපක්ෂපාතීව, නිර්ව්‍යාජව සහ විනිවිදභාවයෙන් යුතුව සිය නිර්මාණ කාර්යය ඉටු කර ඇති බවයි. එබැවින් මෙම චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන පාඩම් නිවැරදිව අවබෝධ කර ගනිමින්, රට ගොඩනැගීම සහ සමස්ත ජනතාව සුඛිත මුදිත කිරීම වෙනුවෙන් සැවොම කැපවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න