හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන අරමුදල ආරම්භ කර ක්‍රියාත්මක කරමින් සම්බුද්ධ ශාසනයට සුවිශේෂ තැනක් ලබා දුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට සම්බුද්ධ ශාසනයට සහ බුදුදහමට සුවිශේෂ තැනක් ලබා දෙමින් එය සුරක්ෂිත කර ප්‍රවර්ධනය කර සෙසු ආගම්, ජාති සහ සංස්කෘතීන්ට නිසි තැන, නිසි රැකවරණය ලබාදීමට රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කළ බවත් එය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවැසුවේය.
බුද්ධශාසන අමාත්‍යාංශය සේම සෙසු ආගම් හා ජාතීන්ට අදාළව රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කිරීමෙන් එම ආගම් හා සංස්කෘතීන්ට ද, ජාතීන්ට ද නිසි ආරක්ෂාව රැකවරණය ලබා දුන් සේම ඉදිරියටත් සිදුවිය යුත්තේ එවැනිම දෙයක් බව විපක්ෂ නායකවරයා පැවසුවේය.
පන්නිපිටිය රුක්මල්ගම ධර්ම විජයාලෝක විහාරස්ථානයට පැමිණ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
